UOK

Sunday, August 14, 2016

18 වංගුව









              18 වංගුව මධ්‍යම පළාතට අයත් මිනිසාගේ අපූර්ව නිර්මාණයකි. වර්තමානයේ දැකි හැකි එහි ප‍්‍රතිසංස්කරණ කටයුතුවලට පෙර එය නුවර - මහියංගනය අතර පිහිටි ඉතා දුෂ්කර මාර්ගයක් විය. අතීතයේ වාහනවලින් ඒ හරහා ආ ගිය බොහෝ අයගේ ජීවිත පවා අනතුරුදායක බව බිහිසුණු හැගීම්වලින් පෙළෙන තරම් මෙම මාර්ගය ඉතා දුෂ්කර විය. මා කුඩා අවධියේ දඹානට චාරිකාවක් ගොස් නැවත පැමිණියේ 18 වංගුව හරහා ය. එකල එම මාර්ගය අවට දක්නට පැවතියේ කැළැවකි. බස් රථය එක වංගුවවලින් හැරවීම සදහා රියදුරාට ඉමහත් ප‍්‍රයත්නයක් දරන්නට සිදු විය. නුදුරුදු රියදුරෙකුට එම මාර්ගය තරණය කිරීම අසීරු කරතව්‍යයක් විය. නමුත් වර්තමානයේ 18 වංගුව ප‍්‍රතිසංසකරණය කිරීමෙන් අනතුරුව ඉතා පහසු මාර්ගයක් බවට පත් වී ඇත. ඊට පෙර පැවතියේ එක් මංතීරුවක් වුව ද වර්තමානයේ එය මංතීරු 2කින් සමන්විත ඉතා පළල් මාර්ගයකි.

                         18 වංගුව පිළිබද කතා බොහොමයක් අසන්නට ලැබේ. යුරෝපීය ජාතිකයන් ලංකාව ආක‍්‍රමණය කළ පසු ඔවුන් ප‍්‍රධාන වශයෙන් මධ්‍යම කදුකරය ආශ‍්‍රිතව වතු වගාව ආරම්භ කරන ලදී. මෙහිදී ඔවුන්ගේ නිෂ්පාදන ද‍්‍රව්‍ය කොළඹට ගෙන යාමටත් ඔවුන්ට එරෙහිව ආ කැරළි මර්දනය කිරීම සදහාත් විවිධ පැතිවලින් මාර්ග සකස් කරන ලදි. වර්තමානයේ උබුදුම්බර ප‍්‍රදේශය හුන්නස්ගිරිය අවට තිබූ තේ  වතුවලට හා එනසාල් වතුවලට 1850 අවධියේ පමණ මාර්ග සකස්කරන්නට ඇති බවට එක් මතයකි. 


            ඒ පිළිබදව පැවති තවත් මතයක් වන්නේ මෙම මාර්ගය සකස් කිරීමට පෙර  උඩදුම්බර ගම්ප‍්‍රධානීන් සිව්දෙනෙක් ලෙස නම්කොට සිටි ගම්පහ බස්නාහිර කෝරලේ, ගම්පහ නැගෙනහිර කෝරලේ, ගන්දෙක කෝරලේ, කන්ද පහළ කෝරලේ යන කෝරලේලා හතර දෙනා කැඳවා රැස්වීමක් පවත්වා  අනතුරුව  හුන්නස්ගිරි කපොල්ලේ සිට උඩදුම්බර, වංගු දහ අට දක්වා මාර්ගය සැලසුම් කර ඇති බවයි.

             එම අවධීයේ  ගම්වාසීන්ගේ බඩු බාහිරාදිය  බොහෝ දුරකට ගෙන ගොස් ඇත්තේ කරෙන් සහ  තවලම් භාවිත කිරීමෙන් බව කියැවේ. ඒ තවලම්වලින් බඩු භාණ්ඩ රැගෙන යාමේදී තවලම් නතර කර විඩාව නිවාගැනීමටත්, ගොනුන්ට :තවලම් වලට ආහාර සැපයීම සඳහා නතර කළ තැන් තවලම්තැන්න, තවලම්පොළ වැනි නම් වලින් පසු කාලීනව හැඳින්වෙන්නට පටන් ගත් බවත් මතයකි. අනතුරුව කෙසේ හෝ  කඳු ගැට යා කරමින් හුන්නස්ගිරි කපොල්ලේ සිට වංගු දහ අට මාර්ගය සකස් කිරීමට පියවර ගෙන ඇත.


              වංගු 18 මාර්ගය උඩදුම්බර, නිසරුව, කෝවිල්මඩ, තවලන්තැන්න, තැම්මිටියාන, තිස්පන දක්වාත් එතනින් පසු වංගු දහඅට මාර්ගය ආරම්භ වේ. හසලක උඩුදහවෙ, පාමුල දක්වා පාර කැපී ඇත. හසලක උඩුදහවෙල පාමුල, පල්ලේවත්තල වේරගම, වේරගංතොටට පැමිණ මහවැලි ගඟ තරණය කර  මහියංගණයට යාමට මාර්ගය සකස් කර ඇත.

              මුල් කාලයේ මෙම මාර්ගයේ එක බසයයි ධාවනය වී ඇත. ඒ උදෑසන මේල් ලියුම්  රැගෙන එන බසය විය. උදේ පැමිණ ආපසු සවසට නුවර බලා ධාවනය වී ඇත. එම බසය ඉතා සෙමෙන් ධාවනය කළ බව කියැවේ. එසේම එකම වංගුව පස්හය වතාවක් රිවෙස් කිරීමෙන් අනතුරුව වංගුවලින් හරවා ගත් බව ද කියැවේ. එකල  18 වංගුවේ ගමනාගමනය එතරම් දුෂ්කර එකක් විය.


           වර්තමානය වන විට මෙම වංගු 18 ඉතා පුලුල්ව සහ පහසුවෙන් තරණය කළ හැකි ආකාරයට නිම කර තිබේ. එමෙන්ම එහි කොන්ක‍්‍රීට් බිත්ති අලංකාර සිතුවම්වලින් ද හැඩ ගන්වා ඇත. මහියංගනය සිට මහනුවරට රථ වාහන ගමන් කිරීමට මීට පෙර පැය 4ක් පමණ ගත වුවත් ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් පසු පැය එක හමාරක් වැනි කෙටි කාලයකින් එම දුර ප‍්‍රමාණයට ගත වූ කාලය අඩු කර ගැනීමට හැකි වී තිබේ.අද ඒ හරහා ගමන් කරන විට පහළින් දැකිය හැක්කේ මනස්කාන්ත දර්ශනයකි.

                                                   
                                                                        - මුතූ ඩිලානි -



Saturday, August 13, 2016


මයිකල්ඇන්ජිලෝ ඇන්ටෝනි


                 ඇන්ටෝනියෝනි උපත ලද්දේ ඉතාලියේ උතුරු පෙදෙසෙහි වූ ෙෆරාරා එමිලියා රොමැග්නා ප්‍රදේශයේ සමෘද්ධිමත් ඉඩම් හිමි පවුලකය. ඔහු එලිසබෙත් සහ ඉස්මෙලා ඇන්ටෝනියෝනියෝ දෙපළගේ පුතා විය. මයිකලාන්ජිලෝ ඇන්ටෝනියෝනි 27වන වියේ දී මිය ගියේ ය. එනම් 2007 වසරේ ජූලි 37වන දා ය. ඔහු මිය ගියේ ඉතාලියේ රෝම නගරයේ දී ය. චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකි. තිර රචකයෙකි. සංස්කරණ ශිල්පියෙකි. එමෙන්ම කෙටිකතා රචනය ද සිදු කරන ලදි. ඔහුගේ භාර්යාව එන්රිකා ඇන්ටෝනියෝනි ය. 1986-2007. ඔහුගේ ජීවිතයේ ක්‍රියාකාරී කාල සීමාව වන්නේ 1942-2004 ය. ඉතාලි චිත්‍රපට විචාරකයෙකු වන ඇල්ඩෝ ටාසන් නමැත්තාට මයිකලාන්ජිලෝ ඔහු පිළිබඳ කළ අදහස් මෙසේ ය. ‘මගේ ළමා කාලය ඉතාම විනෝදජනක එකක් විය. මගේ මව අවංක බුද්ධිමත් කාන්තාවකි. මගේ පියාත් හොඳ පුද්ගලයෙකි. කම්කරු පන්තියේ ඉපදුනු, මහන්සියෙන් ක්‍රියාකාරීව වැඩ කර සැපපහසු ජීවිතයක් ලබා ගෙන සාර්ථක වූ පුද්ගලයෙකි. මගේ දෙමාපියන් මට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට නිදහස ලබා දුන්නා. මගේ සහෝදරයා සමඟ අපි යහළුවන් ද එක්ව බොහෝ වේලාවක් යන තෙක් පිටත විනෝද වුණා. පුදුමයකට මෙන් අපේ මිතුරන් ද නිර්ධන පන්තියේ දුප්පත් අය විය. එකල ඇඳුම්වලින් දුප්පත්කම හඳුනාගත හැකි විය’ යනුවෙනි.
            
                  කුඩා කළ සිට ඇන්ටෝනියෝනි චිත්‍ර ඇඳීමට සහ සංගීතය ප්‍රිය කළේ ය. ඔහුට වයස අවුරුදු 9යේ දී පැවති ප්‍රසංගයකදී තම වයසට වඩා වැඩි දක්ෂකම් පෙන්වී ය. සිනමාව සොයා ගැනීමත් සමඟ ඔහු සිය වයලින් වාදනය අත්හැර දැමී ය. චිත්‍ර ඇඳීමට යාව ජීව ලැදිකමක් දැක්වී ය. ඔහු කැමතිම ක්‍රීඩාවලින් එකක් වූයේ නගර සැලසුම්කරණයයි. ඔහු ගෘහනිර්මාණ ශිල්පය නොදන්නවා වුවත් වීදි සහ ගොඩනැගිලි ආකෘති නිර්මාණය කළේ ය. ඔහු වයස එකොළහේ දී පමණ චිත්‍රපටනලට ඇලුම් කළේ ය.
                     බොලොග්නා විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධියක් ඔහු ලබා ගනී.1935 දී ඔහු ‘Corriere Padanoනමැති දේශීය පුවත්පතට චිත්‍රපට පත්‍ර කලාවේදියෙක් ලෙස ලිව්වේ ය.

                 1940දී ඇන්ටෝනියෝනි රෝමයට ගිය අතර විටෝරියෝ මුසෝලිනී’ නමැති ධනවාදී ඒකාධිපති චිත්‍රපට සගරාවේ සංස්කාරකවරයෙක් ලෙස සේවය කළේ ය. මාස කීපයකට පසු ඔහු රැකියාවෙන් ඉවත් විය. පසුව ඔහු සෙන්ට්‍රො ස්පෙරිමනටෙල් සිනෙමැටෝග්‍රැෆිහි චිත්‍රපට තාක්ෂණය ඉගෙන ගැනීමට අවතීර්ණ විය. ඊට මාස තුනකට පසු ඔහු හමුදාවට කෙටුම්පත් සැපයූ අතර යුධ සමය තුළද සහභාගීත්වය ලබා දුන්නේ ය.



ඇන්ටෝනියෝනි 2007 වසරේ ජූලි 30 රෝමයේ දී  94වන වියේ දී මිය ගිය අතර එදිනම ඉන්ග්මාන් බර්ග්මාන් චිත්‍රපට අධ්‍යක්ෂකවරයාද මිය ගියේ ය. ඔහුව රජයෙන් රෝමයේ නගර සභාවේ තැන්පත් කළ අතර එය ඔහුගේ විශාල කළු සුදු චිත්‍රපට පෙන්වනු ලැබූ සථානයක් ද විය. 2007 අගෝස්තු 2වන දින ඔහු ඔහුගේ නිවස ආසන්නයේ නගරය වන ෆෙරාහි ආදාහනය කරනු ලැබී ය.

               චිත්‍රපට අධ්‍යක්ෂණයට පෙර 1942දී ඇන්ටෝනියෝනි අ පිලොට් රිටර්න්ස්’ සහ රොබටෝ රොසෙලිනී රචනා කළ අතර Enrico Fulchi gnoniහි සහායකයකු ලෙස සේවය කළේ ය. 1943දී ඔහු ප්‍රංශයට ලිය අතර මාර්ෂල් කාන්හි ලස් විසිටර්ස් ඩියු සයර් හි සහාය දැක වූ අතර 1943දී ම පෝ නිම්නයේදුප්පත් ගොවියෙතකු පිළිබ කතාවක් ජෙන්ට් ඩෙල් පෝලෙස කෙටි චිත්‍රපටයක් ආරම්භ කළේ ය. නිදහසින් පසු 1947දී කළ රිපබ්ලික් ඔෆ් සැලෝ’ චිත්‍රපටයද කළේ ය. මෙම චිත්‍රපට Neorealist”ගණයට අයත් ය.
            
                        1955දී Le Amich’ චිත්‍රපටය මගින් ඇනටෝනියෝනි පොදු සම්මතයේ එන කතා වස්තුන්ට වඩා රැඩිකල්වාදී නව ආරක් අත්හදා බැලී ය. ඔහු වැදගත් සිදුවීම් ඉතා හොඳින් කණ්ඩනය කරමින් දිගු දර්ශන භාවිත කරමින් ඔහුටම ආවේනික චිත්‍රපට කලාවක් හැඩගස්වා ගත්තේ ය. ඔහුගේ ප්‍රථම අනතර්ජාතික සාර්ථකත්වය ලබාගත් චිත්‍රපටය වන්නේ “L’Ventura”(1960) චිත්‍රපටයයි. කාන්ස් සිනමා උළෙලේ දීත්, ලෝකයේ සියලුම සිනමා ගෘහයන් තුළත් එම චිත්‍රපටය ජනප්‍රිය විය.“La notte(1961),“Jeanne Moreauසහ L’Eclisseනමැති චිත්‍රපට තුන පොදු තුන් ඈදුතු යුග කෙරෙහි සිත යොමු කරවයි. ඒවා ශෛලිගත වූ අනුරූප නිසාත් නවීන ලෝකයේ මිනිසා කෙරෙහි සිත කළකිරවන සුළු ස්වභාවය නිසාත් ය.La notte”නමැති චිත්‍රපටය බර්ලින්හි පැවති අන්තර්ජාතික චිත්‍රපට සම්මාන ප්‍රදානෝත්සවයේ දී “ගෝල්ඩන් බියර්” සම්මානය දිනා ගත්තේ ය. ඔහුගේ පළමු වර්ණ විත්‍රපටය වන “රතු කානතාරය”(1964)චිත්‍රපටය ඒකාකාර වූ විෂයයන්ගෙන් හා බොහෝ වේලාවට තුන ඈදුතු චිත්‍රපටයක් සේ සැලකේ. මෙම සියලු චිත්‍රපටවල තරුව “මොනිකා විව්ටි”ය.


          නිෂ්පාදක “කාලෝපොන්ට්” සමග  ඇනටෝනියෝනි ගිවිසුමකට අත්සන් තැබීය. එනම් මෙම චිත්‍රපට තුන “mgm” ලෙස ඉංග්‍රීසියෙන් නිකුත් කිරීම සඳහා ය. පළමු එක,“බ්ලෝව් අප්”(1966),“ස්වින්ගින්ග් ලන්ඩන්” ලෙස ඉංග්‍රීසියට හැර වූ චිත්‍රපටය අන්තර්ජාතික වශයෙන් වඩාත් සාර්ථකත්වයට පත් විය. මෙහි තිර රචනය “ද ඩෙවිල්ස් ඩ්රූල්” කතාන්දරය මූලික කරගෙන රචනා කර ඇත්තේ ආජන්ටිනා ජාතික “ජූලියෝ කෝ(ර්)ට්සාර්”ය. එය ප්‍රේක්ෂක ජනතාව අතර සාර්ථක මෙන්ම ජනප්‍රිය වූවා මෙන්ම එහි ලිංගික දර්ශන සැකයක් උපදවීමට හේතු නොවූවා මෙන්ම කාලෝචිත චිත්‍රපටයක් විය. එය “ඩේවිඩ් හෙමින්ග්ස් ”සහ “වැනීසා රිග්‍රේව්”තරු බවට පත් කළේ ය. දෙවන චිත්‍රපටය වූයේ “Zabriski Point”(1970)ප්‍රතිසංසකෘතික තේමාවක් යටතේ ඇමරිකාවේ පෙන්වීමට සුදුසු ලෙස කළ පළමු චිත්‍රපටය විය. “පින්ක් ෆලොයිඩ්”(චිත්‍රපටය වෙනුවෙන් සංගීතය රචනා කළ)මෙම චිත්‍රපටය සඳහා ශබ්ද පටය කරනු ලැබීය. කෙසේවෙතත් එහි නිදහස් විවේචනාත්මක හා වාණිජ ආපදා විය. දෙවැනි චිත්‍රපටය “ද පැසෙන්ජර්”(1975),“ජැක් නිකල්සන් ”සහ “මාරියා ඒනයිබර් ” රංගනය කළ ද එහි දුර්වලතා ද පැවතියත් ප්‍රශංසා ලබා බොක්ස් ඔෆිස් වාර්තාද ලැබීය. එය වසර ගණනාවක් ප්‍රචාරණය වුව ද,2005 වසරේ ඔක්තෝබර් මස ප්‍රචාරය සීමිත වුව ද ඉන් අනතුරුව DVD ලෙස නිකුත් කර ඇත.

                     1972 දී “Zabriskie Point” සහ “ද පැසෙන්ජර්” අතර කාලයේ චීන මහජන ජනරජයේ මහජන ආන්ඩුව ඇන්ටෝනියෝනිට එම රටේ සංචාරය කිරීමට ආරාධනා කරන ලදි. ඔහු“Chung kuo, Cina”නමැති වාර්තාගත චිත්‍රපටය කළ අතර එය ප්‍රතිචීන බලධාරීන් සහ ප්‍රති කොමියුනිස්ට්වාදීන් හෙළා දකින ලදි. මෙම වාර්තා චිත්‍රපටය 2004 නොවැම්බර් 25දින බීජිං අගනුවර මහජන ශාලාවේ දී චීනයේ පළමුවරට ප්‍රදර්ශනය කළ අතර එම බීජිං ඇකඩමි චිත්‍රපට උළෙලේ දී මයිකල් ඇන්ජිලෝ ඇන්ටෝනියෝනිට ගෞරවය හිමි විය.


           ඇන්ටෝනියෝනිගේ දිගම වෘත්තාන්ත චිත්‍රපටය වන්නේ “ක්‍රොනකා ඩියන් අමෝ(ර්)”නම් මධ්‍යම පාන්තිකයන් පිළිබඳ චිත්‍රපටයකි.(1950)අනතුරුව කළ අනෙක් චිත්‍රපට මාලාව වන්නේ “The Vanquished”(1952)තුන් කට්ටුව පිළිබඳ කතාව ප්‍රංශය,ඉතාලිය,එංගලන්තය වැනි රටවල ප්‍රචලිත කරන ලදි.යෞවනයන්ගේ අපචාර පිළිබඳව “La Signora sense comelie”නමැති චිත්‍රපටයෙන් තරුණ චිත්‍රපට නිළියක හා ඇගේ කීර්තිය ඇදවැටීම පිළිබඳව ගොඩ නැගුවේ ය.1955දී“Le Amiche”හෙවත් ද ගර්ල් ෆ්‍රෙන්ඩ් චිත්‍රපටය මධ්‍යම පාන්තික කතාවක් පිළිබඳව චිත්‍රපටයට නැගුවේ ය. 1957දී “”Il Grido හෙවත් “උද්ඝෝෂණය” නමැති චිත්‍රපටය වැඩකිරීම අතහැර දැමීම පිළිබඳ,කර්මාන්තශාලා සේවකයකු සහ ඔහුගේ දියණිය පිළිබඳ කතාවකි. මෙම සියලු කතාවන් සමාජය කළකිරවන සුළු ඒවා පිළිබඳව ය.
            
                1980 වසරේ දී “Il mistero di Oberwald” චිත්‍රපටය නිර්මාණය කර,වීඩියෝ පටිගත කිරීම්වල සහ වර්ණවල,ඉලේක්ට්‍රොනික ප්‍රතික්‍රියා පිළිබඳ අත්හදා බැලීමකින් පසු නැවත වරක් “මොනිකා විට්වි”මාරු කිරීම සිදු විය.“Jean Cocteau” නාට්‍ය පාදක කරගෙන “L’ Aigle a’deux tetes”(හිස් දෙකක් සහිත රාජාලියා) චිත්‍රපටය නිර්මාණය විය.
            ඉතාලියේ රූගත කළ “කාන්තාව හදුනා ගැනීම”(1982) හෙවත් “Identification of a woman” චිත්‍රපටය ඔහුගේ ඉතාලි ත්‍රිත්ත්වය වන ආවර්තනික විෂයයන් සමග වැඩි කළක් කටයුතු කළේ ය. 1985 දී ඇන්ටෝනියෝනිට අර්ධ වශයෙන් අංශභාගය වැළදුන අතර කතා කිරීමට නොහැකිව කෘරතර අංශභාගයෙන් දුක් වින්දේ ය. “වලාකුළු ”(1985) චිත්‍රපටය සමගින් චිත්‍රපට නිර්මාණය නැවත පවත්වාගෙන ගිය අතර,ඉන් ඔබ්බට ගොස් දිගින් දිගටම  ඇන්ටෝනියෝනි “විම් වෙන්ඩර්ස්” පැහැදිල් කර ඇති පරිදි සංස්කරණයේ දී අන්තර් නාට්‍ය,රූගත සියලුම දර්ශන ප්‍රතික්ෂේප කර සංසකරණය සිදු කළේ ය. ඔවුන් වෙනිස් චිත්‍රපට උළෙලේ දී ලැබුණු “Fipresci”මුදල් ත්‍යාගය බෙදා ගත්තේ ය.



          1994දී “සිනමා දෘශ්‍ය නිරූපකයින්ගේ ප්‍රදානියා ලෙස ඔහු අගයමින්”,“ජැක් නිකල්සන්” විසින් ඔහුට නිල කාලයට පසුවද සාමවිනිසුරු ඇකඩමි සම්මානය ලබා දුන්නේ ය. මාස කීපයකට පසු,එම කුසලානය සොරකම් කර තිබූ හෙයින් නැවත ස්ථාන ගත කළ යුතුව තිබිණ. මීට පෙර ඔහු හොඳම අධ්‍යක්ෂ සහ “බ්ලෝව් අප්” චිත්‍රපටය වෙනුවෙන් ඇකඩමි සම්මාන වෙනුවෙන් නම් කර තිබිණ. ඔහුට වයස 90 ගණන්වල දී “ද ඩේන්ජරස් ත්‍රෙඩ් ඔෆ් තින්ග්ස් ” 2004 අවසන් චිත්‍රපටය කළේ ය.
            කෙටි චිත්‍රපට කතාංගයන් ගීත හා ස්වප්න රූප මගින් රචනා ව්ලාශය කළේ ය.“මයිකලාන්ජිලෝ ඇනටෝනියෝනි” රචනා කළ “Caetano Velose” විසින් ගායනා කරන ලද,එය ශෘංගාරාත්මක බව නිවේදනය කරන ලදි.“The graze of michelangeo” චිත්‍රපටය 2004 දී DVD ලෙස නිකුත් විය.

මොහුගේ විශේෂාංග චිත්‍රපට

කෙටි චිත්‍රපට

  • Gente del Po (People of the Po Valley, filmed in 1943, released in 1947) 10 minutes
  • Oltre l'oblio (1948)
  • Roma-Montevideo (1948)
  • Lies of love (L'amorosa menzogna, 1949) 10 minutes
  • Sette canne, un vestito (Seven Reeds, One Suit, 1949) 10 minutes
  • Bomarzo (1949)
  • Ragazze in bianco (Girls in White, 1949)
  • Superstizione (Superstition, 1949) 9 minutes
  • La villa dei mostri (The House of Monsters, 1950) 10 minutes
  • La funivia del Faloria (The Funicular of Mount Faloria, 1950) 10 minutes
  • When Love Fails (Tentato suicido, episode in L’amore in citta’1953)
  • Il provino (episode in The three Faces, I tre volti, 1965)
  • Inserto girato a Lisca Bianca (1983) 8 minutes
  • Kumbha Mela (1989) 18 minutes
  • Roma (Rome, episode in 12 registi per 12 città, for the1990 Fifa World Cup, 1989)
  • Noto, Mandorli, Vulcano, Stromboli, Carnevale (Volcanoes and Carnival, 1993) 8 minutes
  • Sicilia (1997) 9 minutes
  • The Gaze of Michelangelo (Lo sguardo di Michelangelo, 2004) 15 minutes
  • The Dangerous Thread of Things (Il filo pericoloso delle cose, episode in Eros, 2004)




                      
                                                                      - මුතූ ඩිලානි -










Monday, July 25, 2016



කොන්පියුසිස් දහම හා ජපන් පොදු ජන ජීවිතය






     ජපානයට බුදු දහම සම්ප‍්‍රාප්ත වීමට කලින් එරට මිනිසුන්ගේ ආධ්‍යාත්මික ශික්ෂණය සඳහා බෙහෙවින් බලපෑ ආගමික සංකල්ප දෙකක් පැවති බව එරට ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී පැහැදිලි වේ. එනම් ශින්තෝ දහම හා  කොන්පියුසිස් ආචාර ධර්ම පද්ධතිය වශයෙනි. ෂින්තෝ  ඇදහිල්ල යනු මළවුන් පිදීම පසුබිම් කොට ගත් දේශීය චින්තනයකි. කොන්පියුසිස් ඉතැන්වීම් යනු සදාචාරවත් සමාජයක සාමූහික වගකීම් සමුදායකට පදනම් වූ විදේශීය සමාජ වටපිටාවකින් ජපන් පොදු ජන ජීවිතයට සම්බන්ධ කරන ලද්දකි.

        චීනයේ ජීවත් වූ මහා දාර්ශනිකයෙකු ලෙස සැලකෙන කොන්පියුසිස් ලෝක පූජිත මහා දාර්ශනිකයන් අතර ද විශිස්ඨ ස්ථානයක් හිමි කර ගන්නෙකි. ක‍්‍රි.පූ. 551 දී ලූ ප‍්‍රාන්තයේ උපත ලද ඔහු ක‍්‍රි.පූ. 479 දක්වා ජීවත් වූ බව සැලකේ. පූජා විධි පිළිබඳව හා රටේ අතීතය පිළිබඳ කරුණු හැදෑරීමට ඔහු කැමැත්තක් දක්වා ඇත. ඔහු එය ආරම්භ කළේ පසළොස්වැනි වියේ දී වූ අතර විසි දෙහැවිරිදි වියේ දී ගුරුවරයෙකු වශයෙන් සේවයට කැප විය.සහජයෙන් ඔහු තුළ බල පෑ කුසලතාවන් නිසාම ඔහු නොබෝ දිනකින්ම ඉතා දක්ෂ ගුරුවරයෙකු බවට පත් විය. ඉතිහාසය, ආර්ථික විද්‍යාව මෙන්ම එකල පැවති ආගමික විශ්වාස පිළිබඳව ද කරුණු පැහැදිලි කළ ඔහු ආගමික සිරිත්වලට වඩා දේශපාලනය ආචාර විද්‍යාවක් බව නිතර ප‍්‍රකාශ කර තිබේ.සමාජ ගත දෛනික ගැටලු පිළිබඳව නිතර නව දෘෂ්ටිකෝණයකින් බැලූ කොන්පියුසිස් ඒ නිසාම පාලකයන් සමග නිතර වාද විවාද ඇති කරගත් අතර නොයෙක් අවස්ථාවල ඒ හේතුවෙන් ඔහුට රැුකියාවලින් පවා ඉවත් වීමට සිදු විය. 

      ජපානයේ කොන්පියුසිස් ඉගැන්වීම් පිළිබඳ පුරාණය ඈත අතීතය තෙක් දිව යයි. ක‍්‍රි.ව. 1392-1572 අතරතුර ජපන් රාජ්‍ය තන්ත‍්‍රය මෙහෙය වනු ලැබූ අෂිකගා වරුන්ගේ පාලන සමයෙහි ඉතා තදින් පැතිර ගිය කොන්පියුසිස් දහම තොකුගාවා යුගයේ දී වඩාත් බැබලීමට පත් වූ අයුරු ඉතිහාසයෙන් පැහැදිලි වෙයි. වැඩවසම් පාලන ක‍්‍රමය සුරක්ෂිත කර ගැනීම සඳහා ඔවුහු කොන්පියුසිස් දහම උපයෝගී කර ගත්හ.

      කොන්පියුසිස් අලුත් දහමක් දේශනා කරන ලද්දක් නොවේ. එහෙත් එය පැරණි විශ්වාස හා සංකල්ප නව මුහුණුවරකින් ඉදිරිපත් කිරීමක් වශයෙන්ද සැලකේ. ප‍්‍රධානීන්ට හා පාලකයන්ට අවනත විය යුතු යන ඉගැන්වීම කොන්පියුසිස් දහම මගින් ප‍්‍රකට නිසා වැඩවසම් සමයේ පාලකයන්ට එය රුකුලක් විය.මෙම දහම මගින් ප‍්‍රකට කළ ඉගැන්වීම් ජීවිතයේ සෑම අංශයක් කෙරෙහිම බලපෑම් කරන බව බොහෝ දෙනාගේ පිළිගැනීම වූ නිසා එය පොදු ජන ගෞරවාදරයට ද ලක් විය. කොනපියුසිස් ඉගැන්වීම මිනිසාගේ නිදහස් චින්තනයට මග පාදන්නක් නොවී ය.ඒ නිසා එය බොහෝ අවස්ථාවන්හි බුදු සමය හා සුහදව වැඩීගිය ආකාරයක් නොපෙනේ. 


   වැඩිහිටියන් පිළිබඳ කොන්පියුසිස් ආචාර ධර්ම පද්ධතියේ අවධාරණයෙන් සඳහන් වන බව පිළිගැනේ. වැඩිහිටියන් පිදීම මගින් පවුලේ සමගිය මෙන්ම මුළු මහත් මානව සමාජයේම සාමූහිකත්වය හා සහජීවනය ආරක්ෂා වන බව ඔහු පෙන්වා දී ඇත.මෙය උසස් රාජ්‍ය තන්ත‍්‍රයක නිරන්තරයෙන් දැකිය යුතු චර්යා ධර්මයක් වශයෙන් කොන් පියුසිස් හදුන්වා දී තිබේ.

       පූජාවිධි හා උත්සව වැනි දේ ආචාරවත් ජීවිතයකට අත්‍යවශ්‍ය අංගයක් බව කොන්පියුසිස් ප‍්‍රකාශ කරයි. ආගමික ප‍්‍රකාශනවල දී නිහඩ වන ඔහු පුද පූජා පැවැත්වීම සඳහා මිනිසුන්ට උපදෙස් දෙයි.ඔහුගේ සංකල්පයනට මූල බීජය වී ඇත්තේ ආචාර විද්‍යාව වේ. කොන්පියුසිස්ගේ දේශපාලන දර්ශනය දාරක පේ‍්‍රමය වැනි සංලක්ප මත රඳා පවතින බව පිළිගැනේ. ස්වකීය පවුලේ සාමාජිකයන් හා අසල් වැසියන් කෙරෙහි පවත්නා හැගීම් බදු පැවැත්මක් පාලකයා තුළ ප‍්‍රජාව කෙරෙහි පැවතිය යුතු බව ඔහු සඳහන් කර ඇත.

කොන්පියුසිස්ගේ ඉගැන්වීම් අනූව මහජනතාව අතර පවතින සම්බන්ධය පස්වැදෑරුම් ය. ඒවා නම්,
  1.  දෙමාපියන් හා දරුවන් අතර සම්බන්ධතාවය
  2.  වැඩිහිටියන්  හා බාල දරුවන් අතර සම්බන්ධතාවය
  3.  ස්වාමිපුරුෂයා හා බිරිඳ අතර සම්බන්ධතාවය
  4.  මිත‍්‍රයන් අතර පවත්නා සම්බන්ධතාවය
  5.  රාජ්‍ය පාලකයා හා පුරවැසියා  අතර පවත්නා සම්බන්ධතාවය
        කොන්පියුසිස් ගෙනහැර දැක් වූ මෙම සමාජ ධර්මතා සාමාන්‍ය පොදු මිනිස් වර්ගයා තුළම සහජීවනය වඩවාලයි. දෙමාපියන් හා දරුවන් අතර සම්බන්ධතාවය එහි මූලික පදනම වේ. යහපත් පුරවැසියන් තැනීමේ මූලික වගකීම දෙමාපියන් වෙත පැවරේ. ඔවුනගේ උසස් ආදර්ශය දරුවන් යහමගට යොමු කරවයි. මිනිස් ගුණදම් අගයන ආදර්ශමත් සමාජයක් ගොඩනගා ගැනීම සඳහා දෙමාපියන් දරුවන් අතර සම්බන්ධයත්, වැඩිහිටියන් හා බාල දරුවන් අතර සම්බන්ධයත් බෙහෙවින් බලපාන බව කොන්පියුසිස් සඳහන් කර ඇත. එසේම පාලකයන්ට පහසුවෙන්ම තම රට වැසියන් අවනත කර ගැනීම සඳහා කොන්පියුසිස්ගේ ඉගැන්වීම් මහෝපකාරී වූවාට නිසැක ය.


                                                                                   - මුතූ ඩිලානි -

Sunday, July 24, 2016


බලශක්ති අර්බුධය හා අනාගතය


     සමස්ත ලෝක ප‍්‍රජාවම ඉන්ධන හා බලශක්ති අර්බුධයට මුහුණ දී සිටින බව රහසක් නොවේ. වර්තමාන ලෝකය කාර්මීකරණය ඔස්සේ උපරිම තලයකට පැමිණ ඇති නිසා ම පාරිභෝගික අවශ්‍යතා ශීඝ‍්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. මෙවැනි පරිසරයක් තුළ බලශක්ති අර්බුධය අනාගතයේ දී විශ්වය පුරාම පැතිරිය හැකි අර්බුධයකි. එනම් වර්තමානය වන විට මුළු ලෝකයම බලශක්ති අර්බුධයක එළිපත්තේ සිටින බවට
සැකයක් නොමැත.

   එහිදී බලශක්ති අර්බුධයට විසදුම් වශයෙන් එක් එක් රටවල් එකිනෙකට වෙනස් වූ පියවර ගෙන ඇත.තාක්ෂණික වශයෙන් දියුණු සංවර්ධිත රටවල් බලශක්ති අර්බුධයේ දී ඒ සඳහා ප‍්‍රධාන විකල්පය වශයෙන් භාවිතයට ගෙන ඇත්තේ පරමානු බලයයි.නමුත් තුන්වන ලෝකයේ රටවල් ජල විදුලි බලය ගැන විශ්වාසයෙන් කටයුතු කරන ආකාරයක් දැකිය හැකි ය.ඒ නිසාම තුන්වන ලෝකයේ රටවල් අද වන විට බලශක්ති අර්බුධය හමුවේ ඉතාමත් අසරණ තත්ත්වයකට පත්ව ඇත. ශී‍්‍ර ලංකාව ඇතුළු අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් තුළ ජල විදුලි උත්පාදනය කෙරුණත් එය බලශක්ති අර්බුධයට සාර්ථකව මුහුණ දීමට තරම් ප‍්‍රමාණවත් තරමක නොමැති වීම අභාග්‍යයකි.


     කැලෑ විනාශ කිරීම, දර භාවිතය ආදිය හේතුවෙන් ජල උල්පත් සිඳී යාම නිසා ඒ ගැටලුව ජල විදුලි බලය උත්පාදනය කිරීමේ කර්තව්‍යයට බාධාවක්ව පවතී. මේ නිසා අද වන විට ලොක්ය විශේෂයෙන්ම ඔස්ටෙ‍්‍රලියාව වැනි රටවල් අසම්මත මං කිහිපයක් ම මෙම අර්බුධය විසඳීමේ මාර්ග වශයෙන් භාවිතයට ගෙන තිබේ. එහිදී ප‍්‍රමුඛ ස්ථානයක් ගන්නේ සුළ‘ ශක්තිය හා සූර්ය ශක්තියයි. තවත් අසම්මත උත්පාදන මාර්ගයක් වශයෙන් ජීව වායුව නිපද විම ද ගත හැකි ය. ගංගා, ඇළ-දොළ මතුපිට වැවෙන සැල්වීනියා, ජපන් ජබර මාර්ගයෙන් සාර්ථකව ජීව වායුව නිෂ්පාදනය කළ හැකි බවට මෑතක දී ශී‍්‍ර ලාංකික විද්‍යාඥයෙක් අදහසක් ද පළ කර ඇත.



         මේ ආකාරයට කෘතිමව හෝ ස්වභාවිකව හෝ එසේත් නොමැති නම් කුමන මාර්ගයකින් හෝ උත්පාදිත බල ශක්තිය සම්පූර්ණයෙන් ම ක්ෂය වුවහොත් එය මිනිසාගේ ජීවන ක‍්‍රමයට ප‍්‍රබල තර්ජනයක් විය හැකි ය.එහෙයින් මේ සඳහා ගත යුතු හොඳම ක‍්‍රියාමාර්ගය තිබෙන බල ශක්තිය අරපරිස්සමෙන් ප‍්‍රයෝජනයට ගැනීම මිස වෙනත් විකල්පයක් නොමැති තරම් ය. එසේ නොවුණහොත් අම්ලකර පවා මිල දී ගැනීමේ පටන් මිනිස් ජීවිතයේ අවශ්‍යතාවන් සපුරා ගැනීමේ කප්රුකක් බදු බලශක්තිය දක්වා දිවෙන මිනිසාගේ ජීවන ක‍්‍රමය කැඩී බිඳී විසිරී යන අභාග්‍යසම්පන්න යුගය වෙත කිට්ටු වන්නේ ය.


                                                                               - මුතූ ඩිලානි -
ජපන් හනමත්සුරි උළෙල



     ථෙරවාද බෞද්ධ රටවල හා මහායාන බෞද්ධ රටවල බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වානය සිදු වූ දින වකවානු පිළිබඳව දැඩි වෙනසක් දක්නා ලැබෙයි. ප‍්‍රබලම මාහායාන බෞද්ධ රටක් වූ ජපානය බුදුරජාණන් වහන්සේ උපත ලැබූ දිනය වශයෙන් සලකන්නේ බු: ව: 565 අපේ‍්‍රල් 8 වන දා ය.එහෙත් සිද්ධාර්ථ උත්පත්තිය සිදු වූ ස්ථානය පිළිබඳව එවැනි වෙසක් දක්නට නොලැබේ. ථෙරවාදී රටවල බෞද්ධයන් සේම ජපන් බෞද්ධයෝ ද බුදුන්වහන්සේ වර්තමාන නේපාලයට අයත් ලුම්බිණි උයනේ දී උපත ලැබූ බව විශ්වාස කරති.

     එනිසා මුළු මහත් ජපානය පුරා විසිරී පවත්නා සියලුම බෞද්ධ සම්ප‍්‍රදායයන් හා ඒවාට අයත් අනුගාමිකයෝ බෞද්ධ විද්‍යාල ශිෂ්‍යයෝ මෙදින විශේෂ ආගමික වතාවත්හි නිරත වෙති. මෙදින ජපානය පුරා පැවැත්වෙන මේ ඓතිහාසික උත්සවය හදුන්වනු ලබන්නේ හනමත්සුරි යනුවෙනි. හනමත්සුරි යන්න වචන දෙකක් එක් වීමෙන් සෑදී ඇත. ජපන් භාෂාවෙන් මල් හැඳින්වීම සඳහා හන යන පදය භාවිතා කරන අතර උත්සවය යන්න හැඳින්වීම සඳහා මත්සුරි යන්න භාවිතා කරයි. හනමත්සුරි යන්නෙහි සාමාන්‍ය තේරුම මල් උත්සවය යනුවෙනි.පෙබරවාරි මාසයේ සිට ජපානයේ මල් පීදීම ආරම්භ වේ. එය අපේ‍්‍රල් මාසය වන විට අස්සක් මුල්ලක් නෑර පිපී සකුරා මලින් කුළු ගැන්වෙයි. සිදුහත් උපතත් සුපිපි මල්වලින් ගැවසී ගත් උයනකදී සිදු වූවක් නිසාත්, උපත ලබා සැනෙකින් සිදුහත් කුමරු පියුම් පිට සත් පියවරක් ඉදිරියට පා තැබූ නිසාත් මල් හා සිදුහත් උපත අතර ඇත්තේ විශාල සම්බන්ධතාවයකි. ඒ නිසා මෙයට මල් උත්සවය යන ව්‍යවහාරය සෑම අතින්ම උචිත වේ.
ජපානයේ මෙම මල් උත්සවය පිළිබඳ පුරාණ චීන බුමු දහම සමග ද සම්බන්ධ වී පවතින බව අතැම් උගතුන්ගේ මතයයි. චීනයේ පවා වාර්ෂිකව මෙම හනමත්සුරි උත්සවය පවත්වා ඇති බව චීන බෞද්ධ ඉතිහාසයේ සඳහන්වේ. නිහොංශොකි, මිෂුකගමි වැනි ජපන් ඓතිහාසික ග‍්‍රන්ථවලට අනූව ජපානයේ මෙම මල් උත්සවය පළමු වරට ක‍්‍රි.ව. 606 දී හෙවත් සුයිකො අධිරාජිනියගේ රාජ්‍ය සම්ප‍්‍රාප්තියෙන් 14 වැනි වර්ෂයේ දී සියලුම ආගම් පොදුවේ පවත්වා තිබේ. අපේ‍්‍රල් 8 වැනි දා පැවැත් වූ මෙවැනි උත්වයක් ගැන පාහියන් භික්ෂුව තම දේශාටන වාර්තාවේ සඳහන් කර ඇත. 
නරා යුගයේ දී ඉදිවුණු විහාරාරාම අතුරින් ඉතා සම්මානණීයත්වයට පත්ව තිබූ නොදයිිජි විහාරයේ පරණ සිදුහත් පිළිමයක් දක්නා ලැබෙන හෙයින් මේ හනමත්සුරි උත්සවය නරා යුගයේ දී හෝ ඊට මදක් කලින් ආරම්භ වන්නට ඇතැයි බොහෝ දෙනා නිගමනය කරති.
      ආරම්භක අවස්ථාවේ හනමත්සුරි උළෙල භික්ෂූන්වහන්සේ සහ ඒ ඒ ආරාමවල දායකකාරකාදීන් අතුරෙන් බලවත් පිරිස පමණක් සිදු කරන උත්සවයක් සේ පැවතී ඇත. එය නැරඹීම සාමාන්‍ය මහජනයාගේ සිරිත වී තිබේ.

     ජපානයේ බොහෝ විහාරවල කුඩා සිදුහත් ප‍්‍රතිමාවක් දක්නට ලැබෙන බවත් එය පියු පිට වඩින සිදුහත් කුමරුගේ විලාසයක් නරූපණය කරන බවත් සැලකේ. ඒ පිළිමය සෑම වසරකම අපේ‍්‍රල් 8 වන දා විහාරය ඉදිරිපස මණුඩපයකට වැඩම කරවනු ලබයි. එක් වූ සිවලු දෙනා පිළිවෙළින් සුවඳ තේ පැන්වලින් පිළිරුව නහවති. ඇතැම් විහාරවල පෙරහැර පැවැත්වීමේ චාරිත‍්‍රයක්  සහ එහි කුඩා දරුවෝ කිමෝනාවලින් සැරසී පෙළට ගමන් තරනු ලබති. ජපානයේ පොදු උත්සව අතරින් මෙය ඉතා උත්කර්ෂවත් ලෙස පවත්වනු ලැබේ.

   සිදුහත් ප‍්‍රතිමාව තේ පැන්වලින් නැහැවීමට හේතුව වන්නේ සිදුහත් කුමරු උපත ලබන මොහොතේ දෙව්ලොව සිට සුවඳ පැන් වර්ෂාවක් පතිත වූ බව ජපන් වැසියෝ විශ්වාස කිරීමයි. චීනයේ ද සිදුහත් උපත සිහි කිරීමට සුවඳ පැන්වලින් නැහැවීම සිරිතක් වී ඇත.



    ජපන් වැසියෝ බුදුන් වහන්සේගේ  බුද්ධත්වය ලැබූ දිනය වශයෙන් සලකණු ලබන්නේ බු.ව. 531 දෙසැම්බර් 8 වන දා ය. ඇතැම් ආරාමවල මේ දිනය අරමුණු කරගෙන උත්සව ද පවත්වති. සෙන් ආරාමවල සම්බුද්ධත්වය සිහි කිරීමේ උත්සවයට විශේෂ තැනක් හිමි වේ. 

    බු.ව. 486 පෙබරවාරි 15 දා සම්බුද්ධ පරිනිර්වානය සිදු වූ බව ජපන් වැසියන්ගේ සාමාන්‍ය පිළිගැනීම වේ. එය අරමුණු කරගෙන ද ආගමික උත්සව පවත්වනු ලැබේ. පරිනිර්වානය අරමුණු කරගෙන පවත්වන උත්සවය ඊතයිකො ලෙස හදුන්වනු ලැබේ.

                                                                      - මුුතූ ඩිලානි -

කලාව හා විද්‍යාව



     කලාව හා විද්‍යාව යනු එකිනෙකට වෙනස් වූ ස්වාධීන මාර්ග දෙකක ගමන් කරන සංකල්ප දෙකකි. විද්‍යාවේ ලක්ෂණය වන්නේ වෙනස් වෙමින් සකස් වීමයි. එනම්, විද්‍යාව් සම්මුති සත්‍ය මත පදනම් වෙයි. නමුත් කලාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙමින් පුද්ගල ආත්මීය ලක්ෂණ මත පදනම් වූ ඇගයුම්ශීලී අධ්‍යයන ක්ෂේත‍්‍රයකි.

     විද්‍යාවේ මූලික අරමුණ භෞතික සංවර්ධනය වුව ද  කලාවේ මූලික අරමුණ ආධ්‍යාත්මික සංවර්ධනයයි. එනම්, පුද්ගල මනස තුළ වින්දනාත්මක සුවයක් ඇති කිරීම වේ. මෙලෙස විද්‍යාව හා කලාව යන ක්ෂේත‍්‍ර දෙක මාර්ග දෙකක ගමන් කළ ද ඒවා අතර අන්‍යෝන්‍ය සබඳතාවක් දැකිය හැකි වේ. එනම් භෞතික සංවර්ධනයකින් තොර ආධ්‍යාත්මික සංවර්ධනයක්වත් පැවතිය නොහැකි ය.



      විද්‍යාවේ මිනිස් මනස යථාර්ථවාදීව මෙහෙයවනු ලබයි. එනම් මිනිස් බුද්ධිය කළඹවමින් විශ්වයේ යථාර්ථය තේරුම් ගැනීමේ මාර්ග විවිර කර දෙනු ඇත. අද වන විට මිනිසා විසින් අතපත් කරගෙන තිබෙන භෞතික සංවර්ධනය මැනීමට මිනුමි නොමැත. මන්ද, ඒ නිසි විශාල වූ දැනුම් සම්භාරයක් ද උපකරණ තොගයක් ද විස්මිත ක‍්‍රියාකාරකම් බොහොමයක් ද පමණක් නොව ඈත විශ්වය පවා තම අණසකට යටත් කරගෙන තිබේ. ඒ අතර අභ්‍යවකාශ තාක්ෂණික ජයග‍්‍රහණ, තොරතුරු තාක්ෂණයේ භාවිතය, නව භෞතික විද්‍යාත්මක සංකල්ප, නවීන උපකර ආදියෙන් සන්නද්ධ වූ විශ්මිත මිනිසෙකුගේ භූමිකාව රගදක්වනුයේ විද්‍යාවේ භෞතික සංවර්ධනය මොනවට පැහැදිලි කරවමිනි. 

     එහෙත් කලාවේ අරමුණ විද්‍යාවේ අරමුණ නොවේ. එහි ප‍්‍රධානතම අරමුණ වින්දනය යි.වින්දනාත්මක හැගීම්බර චින්තනය හමුවේ මිනිස් බුද්ධිය යටපත් වනු ඇත. එනම් විශවයේ යථාර්ථය හොඳින් අවබෝධ කර ගැනීමකට වඩා වින්දනාත්මකව, සරලව, සුගමව ජීවිතය විනිවිද දැකීමට මිනිසා යොමු කරනු ඇත. මිනිසාගේ ආධ්‍යාත්මයේ පවතින ආදරය, කරුණාව, හැගීම්බර බව, සංයමය යනාදියට කලාව වාසස්ථානයකි.



    භෞතික සංවර්ධනය තුළින් වක‍්‍ර ලෙස කලාවේ අරමුණ ද ඉටු වේ. චිත‍්‍රපට, රූපවාහිනිය, සංගීතය, ඡුායාරූප ක්ෂේත‍්‍රය යනාදියෙහි දියුණුව ඔස්සේ කලාව හොඳින් රසවිඳීමට මිනිසාට හැකි වේ.

   මිනිස් මනසෙහි තුලිතතාව පවත්වා ගැනීමට භෞතික සංවර්ධනය මෙන්ම ආධ්‍යාත්මික සංවර්ධනය ද අත්‍යවශ්‍ය වන බව පැහැදිලි ය. නිතර බුද්ධිය මෙහෙයවමින් දීර්ඝ කාලයක් අඛණ්ඩ පර්යේෂණයක නිරත වන භෞති විද්‍යාඥයෙකුට තම මානසික වෙහෙස නිවා ගැනීමට වින්දනාත්මක වැඩසටහනකින් පිටිවහලක් ලැබෙනු ඇත.






මිනිසා පිටපත් කිරීම

        අප මෙතෙක් කල් දැන සිටියේ ලිපියක, චායා පිටපතක් ලබා ගන්නා ආකාරය පිළිබඳවයි. නමුත් වර්ෂ 2003 දී ලිපියක, චායාරූපයක පිටපතක් ලබා ගන්නවාට වඩා හොඳින් පුද්ගලයෙකුගේ පිටපතක් ලබා ගැනීමේ ක‍්‍රමවේදයක් සොයා ගන්නා ලදී.මේ ආකාරයට ලබා ගන්නා මිනිස් පිටපතක් විද්‍යාවේ දී මිනිස් ක්ලෝනයක් ලෙස හඳු   න්වයි. ක්ලෝනකරනයේ දී සිදු වන්නේ මුල් ජීවියාට සෑම අතින්ම සමාන තවත් ජීවියෙකු ලබා ගැනීමයි.

      මේ ක්ලෝනකරණය යන්න මුල් කාලයේ දී ශාක ප‍්‍රචාරණයට යොදා ගනු ලැබිණි. නමුත් ක්ලෝන තාක්ෂණය සතුන් උදෙසා ඉතා සාර්ථකව යෙදවූ අතර ඩොලී නම් බැටළුවා ක්ලෝනකරණයෙන් ලබා ගැනීමට සමත් වුණි. පසුව වෙනත් විද්‍යාඥයන් ද වඩා යුහුසුළුව පර්යේෂණ කටයුතුවල නිරත වූ අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මැසවුසෙට්ස් හි ජෛව තාක්ෂණික සමාගමක් වන ඇඩ්වාන්ස් සේල් ටෙක්නොලොජි නම් සමාගම විසින් වසු පැටවුන් තිදෙනෙකු ක්ලෝනකරණයෙන් ලබා ගත්තේ ය. මෙයාකාරයට ව්‍යාප්ත වූ සත්ත්ව පිටපත් ලබා ගැනීමේ ව්‍යාපෘතිය තුළින් මිනිස් ක්ලෝනයක් උපදවාගනු ලැබූයේ ප‍්‍රංශයේ ක්ලෝනයිඩ් නම් සමාගමයි.

        ක්ලෝනකරණයෙන් මිනිස් පිටපතක් ලබා ලැනීමේ දී සිදු වන ක‍්‍රියා පටිපාටිය වනුයේ පළමුවෙන් ඩිම්බ ෙසෙලයක න්‍යෂ්ටිය ඉවත් කරනු ලබන අතර : එහිදී ඩිම්බ ෙසෙල අයත් ජීවියාගේ ප‍්‍රවේණික ලක්ෂණ ඉවත් වේ. පසුව අනාගතයේ දී කළලයක් බවට වර්ධනයට සුදුසු ලක්ෂණ ඇති ෙසෙල ප්ලාස්මය පමණක් ඉතිරි කර ගනී. පසුව ඉවත් කරන ලද න්‍යෂ්ටිය වෙනුවට දේහ ලක්ෂණ ඇති කිරීමට අදාළ න්‍යෂ්ටියක් ඩිම්බයට ඇතුළු කරනු ලබයි.මේ න්‍යෂ්ටිය දේහයේ ඔනෑම ෙසෙලයකින් ලබා ගත හැකි ය. පසුව ක්ලෝනකරණය කරන ලද කළලය මවගේ ගර්භාෂය තුළ වැඩෙන්නට සලස්වයි. මෙම මිනිස් පිටපත ලබා ගැනීම තුළින් වාසි මෙන්ම අවාසි ද ඇති වේ. එහි ඇති ප‍්‍රයෝජන ලෙස,

  • මිය ගිය දරුවකු වෙනුවට වෙනත් දරුවකු ලබා ගැනීමට දෙමව්පියන්ට හැකි වීම දැක්විය හැකි ය.

   නමුත් එහි අවාසි සහගත තත්ත්වයන් ද පවතී. එනම් ක්ලෝනකරණයෙන් උපදින දරුවන් ලෙඩ රෝගවලට ඉක්මනින් නැඹුරු වීමේ හැකියාවෙන් යුක්ත වීමයි. ඔවුන් දියවැඩියාව, අධික ලෙස මහත් වීම වැනි රෝග වලට ගොදුරු වන්නට වැඩි ඉඩක් පවතින බව පැවසේ. එසේම මෙමගින් සමාජමය ගැටලු උද්ගත වීමට වැබි ඉඩක් පවතී.එනම් පිටපත් කිරීමට ලක් කරනුයේ දැනට ජීවතුන් අතර සිටින කුඩා දරුවෙක් නම් අනාගතයේ දී එකිනෙකාට හැම අතින්ම සමාන මිනිසුන් දෙදෙනෙක් මහපාරේ අවිද යන්නට හැකි වන නිසා සමාජය නොමග යා හැකි ය. එසේම මානව සදාචාරය දරුණු පිරිහීමකට ලක් වන ආකාරයේ ප‍්‍රශ්න උද්ගත විය හැකි ය.


  • ක්ලෝනකරණයෙන් ලබා ගත් දරුවෙකුගේ දෙමව්පියන් කවුද?
  • ක්ලෝනයට ෙසෙල ලැබුණේ පියාගෙන් ද? සහෝදරයෙකුගෙන් ද?
  • ක්ලෝනයේ මව ඩිම්බ දායක මව ද? ගර්භාෂයක මව ද?
යනාදියට පිළිතුරු සැපයීමට නම් අලුත් නීති පවා ඇති කළ යුතු ය. ක්ලෝනයක් යනු ස්වභාව ධර්මයට පිටතින් ඇති මාවතක ගොස් තැනූ ජීවිකේ වුව ද ඔහු හෝ ඇය ජීවත් වනුයේ ස්වභාව ධර්මයෙන් නිර්මාණය වූ පරිසරයකයි. එවිට මේ පුද්ගලයා ස්වභාව ධර්මයටත් සමාජයටත් අවශ්‍ය නැති අයෙක් නොවන්නේ ද? 



                                                                                                                    - මුතූ ඩිලානි -

ලක්දිව ඉපැරණි තාක්ෂණික ඥානය 

         පුරාණ ශී‍්‍ර ලංකාවේ තාක්ෂණික ඥානයේ මහිමය මෙතෙකැයි කියා කිව නොහැකි ය. ඒ අතර එක් සන්ධිස්ථානයක් ලෙස වාරි කර්මාන්ත හඳුන්වා දිය හැකි ය. අතීතයේ ලාංකිකයන්ගේ අතැගිලිවලින්, දහඩිය මහන්සියෙන් ගොඩ නැගුණු වාරි ශිෂ්ටාචාරය තුළ මුළු මහත් ජලාශ‍්‍රිත ශිෂ්ටාචාරයම උපත ලැබී ය. ශී‍්‍ර ලංකාව සහලින් ස්වයංපෝෂිත රටක් බවට පත් වූයේ එම පන්නරය නිසාවෙනි.එකල මුතුන්මිත්තන් යොදා ගත් තාක්ෂණික ඥානයෙහි වාස්තවිත බව කෙතරම්ද යන්න පැවසීමට බස අසරණ ය. ඒවා එතරම්ම ආස්වාදනීය බවින් යුක්ත ය. නිදසුන් වශයෙන් සැතපුමකට අඟලක බැස්ම ඇති ඇළවල් ඔවුන්ගේ දහඩිය බිඳු   වලින් ඉදි වුණ දේවල් ය. එමගින් ජගය රාශිකරණය කර ඔවුන් එදා කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත කිරීමට දායක විය. එකල රජරට හැදින්වූයේ වැව් බැඳි රාජ්‍ය නමින් ය. ඒ තරමටම ලක්දිව වාරි කර්මාන්ත දියුණුවේ හිනිපෙත්තටම ගමන් කර තිබුණි. වැසි ජලය එක් කර කෘෂි ආර්ථිකයක මින්ස්සු වශයෙන් සෑහෙන වෙහෙසක් තුළින් වැව් අමුණු තනමින් එකල මිනිසුන් ජලය ඒකරාශී කර ගත් හ. එදා ඒ ඉදිකළ වැව් අමුණුවල තාක්ෂණය අද විද්‍යාඥයන් පවා මවිතයට පත් කරන සුලු ය.

නිදසුන් : මින්නේරිය, යෝධ ඇළ, ජය ගඟ




        පුරාණ ශී‍්‍ර ලංකකාවේ තාක්ෂණික ඥානය පිළිබඳ සැලකීමේ දී කලා ශිල්ප ද වැදගත් වේ. කලා ශිල්ප බද්ධ වන්නේ සංසකෘතියත් සමඟයි. ප‍්‍රතිමා, මූර්ති, වාස්තු විද්‍යාත්මක නිර්මාණ, චිත‍්‍ර ආදිය දෙස බැලීමේ දී එකල තාක්ෂණයේ මහිමය විශද වේ. එතරම්ම එදා පැවති තාක්ෂණය උත්කෘෂ්ට ය.මෙහිදී කැටයම් සහ ප‍්‍රතිමා ද වැදගත් ය.

නිදසුන් :
    අවුකන පිළිමය, සමාධි බුදු පිළිමය, සීගිරි බිතු සිතුවම්, ඉසුරුමුණි පෙම් යුවල, පොළොන්නරු ගල් විහාරය, ලෝවා මහා ප‍්‍රාසාද නටඹුන්


ලෝවා මහා ප‍්‍රාසාද නටඹුන් හාමුදුරුවරු 9000ක් වැඩවාසයට සුදුසු වන අයුරින් සැකසුනකි.





        වාස්තු විද්‍යාත්මක නිර්මාණ පිළිබඳ සැලකීමේ දී පුරාණ හ‍්‍රී ලංකාවේ තාක්ෂණික ඥානය අමුතු ම මුහුණුවරකින් එහි පවත්නා අනර්ඝත්වය වර්ණනා කරයි. නිදසුන් වශයෙන් චෛත්‍යයන්ද, ලෝහ පිළිම, රත‍්‍රං පිළිම ආදිය දැක්විය හැකිය.එසේම චිත‍්‍ර ද තාක්ෂණික ඥානයෙහි අනර්ඝත්වයට සාක්ෂි දෙයි.

නිදසුන් :
   සීගිරි චිත‍්‍රවලට දැනට අවුරුදු දහස් ගණනක් ගත වුව ද ඒවායේ ආලේපිත වර්ණවල උත්කෘෂ්ට බව

මේ අයුරින් පැරණි ලක්දිව තාක්ෂණික ඥානයේ අනර්ගත්වය සනාථ කිරීමට අදටත් සාක්ෂි පවතී.

                                                                             - මුතූ ඩිලානි -