කලාව හා විද්‍යාව
කලාව හා විද්‍යාව යනු එකිනෙකට වෙනස් වූ ස්වාධීන මාර්ග දෙකක ගමන් කරන සංකල්ප දෙකකි. විද්‍යාවේ ලක්ෂණය වන්නේ වෙනස් වෙමින් සකස් වීමයි. එනම්, විද්‍යාව් සම්මුති සත්‍ය මත පදනම් වෙයි. නමුත් කලාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙමින් පුද්ගල ආත්මීය ලක්ෂණ මත පදනම් වූ ඇගයුම්ශීලී අධ්‍යයන ක්ෂේත‍්‍රයකි.
විද්‍යාවේ මූලික අරමුණ භෞතික සංවර්ධනය වුව ද කලාවේ මූලික අරමුණ ආධ්‍යාත්මික සංවර්ධනයයි. එනම්, පුද්ගල මනස තුළ වින්දනාත්මක සුවයක් ඇති කිරීම වේ. මෙලෙස විද්‍යාව හා කලාව යන ක්ෂේත‍්‍ර දෙක මාර්ග දෙකක ගමන් කළ ද ඒවා අතර අන්‍යෝන්‍ය සබඳතාවක් දැකිය හැකි වේ. එනම් භෞතික සංවර්ධනයකින් තොර ආධ්‍යාත්මික සංවර්ධනයක්වත් පැවතිය නොහැකි ය.
විද්‍යාවේ මිනිස් මනස යථාර්ථවාදීව මෙහෙයවනු ලබයි. එනම් මිනිස් බුද්ධිය කළඹවමින් විශ්වයේ යථාර්ථය තේරුම් ගැනීමේ මාර්ග විවිර කර දෙනු ඇත. අද වන විට මිනිසා විසින් අතපත් කරගෙන තිබෙන භෞතික සංවර්ධනය මැනීමට මිනුමි නොමැත. මන්ද, ඒ නිසි විශාල වූ දැනුම් සම්භාරයක් ද උපකරණ තොගයක් ද විස්මිත ක‍්‍රියාකාරකම් බොහොමයක් ද පමණක් නොව ඈත විශ්වය පවා තම අණසකට යටත් කරගෙන තිබේ. ඒ අතර අභ්‍යවකාශ තාක්ෂණික ජයග‍්‍රහණ, තොරතුරු තාක්ෂණයේ භාවිතය, නව භෞතික විද්‍යාත්මක සංකල්ප, නවීන උපකරණ ආදියෙන් සන්නද්ධ වූ විශ්මිත මිනිසෙකුගේ භූමිකාව රගදක්වනුයේ විද්‍යාවේ භෞතික සංවර්ධනය මොනවට පැහැදිලි කරවමිනි.
එහෙත් කලාවේ අරමුණ විද්‍යාවේ අරමුණ නොවේ. එහි ප‍්‍රධානතම අරමුණ වින්දනය යි.වින්දනාත්මක හැගීම්බර චින්තනය හමුවේ මිනිස් බුද්ධිය යටපත් වනු ඇත. එනම් විශවයේ යථාර්ථය හොඳින් අවබෝධ කර ගැනීමකට වඩා වින්දනාත්මකව, සරලව, සුගමව ජීවිතය විනිවිද දැකීමට මිනිසා යොමු කරනු ඇත. මිනිසාගේ ආධ්‍යාත්මයේ පවතින ආදරය, කරුණාව, හැගීම්බර බව, සංයමය යනාදියට කලාව වාසස්ථානයකි.
භෞතික සංවර්ධනය තුළින් වක‍්‍ර ලෙස කලාවේ අරමුණ ද ඉටු වේ. චිත‍්‍රපට, රූපවාහිනිය, සංගීතය, ඡුායාරූප ක්ෂේත‍්‍රය යනාදියෙහි දියුණුව ඔස්සේ කලාව හොඳින් රසවිඳීමට මිනිසාට හැකි වේ.
මිනිස් මනසෙහි තුලිතතාව පවත්වා ගැනීමට භෞතික සංවර්ධනය මෙන්ම ආධ්‍යාත්මික සංවර්ධනය ද අත්‍යවශ්‍ය වන බව පැහැදිලි ය. නිතර බුද්ධිය මෙහෙයවමින් දීර්ඝ කාලයක් අඛණ්ඩ පර්යේෂණයක නිරත වන භෞති විද්‍යාඥයෙකුට තම මානසික වෙහෙස නිවා ගැනීමට වින්දනාත්මක වැඩසටහනකින් පිටිවහලක් ලැබෙනු ඇත.

great work...
ReplyDeletegreat work...
ReplyDeletegreat work...
ReplyDeletemolay montram diyunu unt manusth gunath tuynn on..ek tmi atta
ReplyDeletewatina adahas pelak
ReplyDelete