කොන්පියුසිස් දහම හා ජපන් පොදු ජන ජීවිතය
ජපානයට බුදු දහම සම්ප‍්‍රාප්ත වීමට කලින් එරට මිනිසුන්ගේ ආධ්‍යාත්මික ශික්ෂණය සඳහා බෙහෙවින් බලපෑ ආගමික සංකල්ප දෙකක් පැවති බව එරට ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී පැහැදිලි වේ. එනම් ශින්තෝ දහම හා කොන්පියුසිස් ආචාර ධර්ම පද්ධතිය වශයෙනි. ෂින්තෝ ඇදහිල්ල යනු මළවුන් පිදීම පසුබිම් කොට ගත් දේශීය චින්තනයකි. කොන්පියුසිස් ඉතැන්වීම් යනු සදාචාරවත් සමාජයක සාමූහික වගකීම් සමුදායකට පදනම් වූ විදේශීය සමාජ වටපිටාවකින් ජපන් පොදු ජන ජීවිතයට සම්බන්ධ කරන ලද්දකි.
චීනයේ ජීවත් වූ මහා දාර්ශනිකයෙකු ලෙස සැලකෙන කොන්පියුසිස් ලෝක පූජිත මහා දාර්ශනිකයන් අතර ද විශිස්ඨ ස්ථානයක් හිමි කර ගන්නෙකි. ක‍්‍රි.පූ. 551 දී ලූ ප‍්‍රාන්තයේ උපත ලද ඔහු ක‍්‍රි.පූ. 479 දක්වා ජීවත් වූ බව සැලකේ. පූජා විධි පිළිබඳව හා රටේ අතීතය පිළිබඳ කරුණු හැදෑරීමට ඔහු කැමැත්තක් දක්වා ඇත. ඔහු එය ආරම්භ කළේ පසළොස්වැනි වියේ දී වූ අතර විසි දෙහැවිරිදි වියේ දී ගුරුවරයෙකු වශයෙන් සේවයට කැප විය.සහජයෙන් ඔහු තුළ බල පෑ කුසලතාවන් නිසාම ඔහු නොබෝ දිනකින්ම ඉතා දක්ෂ ගුරුවරයෙකු බවට පත් විය. ඉතිහාසය, ආර්ථික විද්‍යාව මෙන්ම එකල පැවති ආගමික විශ්වාස පිළිබඳව ද කරුණු පැහැදිලි කළ ඔහු ආගමික සිරිත්වලට වඩා දේශපාලනය ආචාර විද්‍යාවක් බව නිතර ප‍්‍රකාශ කර තිබේ.සමාජ ගත දෛනික ගැටලු පිළිබඳව නිතර නව දෘෂ්ටිකෝණයකින් බැලූ කොන්පියුසිස් ඒ නිසාම පාලකයන් සමග නිතර වාද විවාද ඇති කරගත් අතර නොයෙක් අවස්ථාවල ඒ හේතුවෙන් ඔහුට රැුකියාවලින් පවා ඉවත් වීමට සිදු විය.
ජපානයේ කොන්පියුසිස් ඉගැන්වීම් පිළිබඳ පුරාණය ඈත අතීතය තෙක් දිව යයි. ක‍්‍රි.ව. 1392-1572 අතරතුර ජපන් රාජ්‍ය තන්ත‍්‍රය මෙහෙය වනු ලැබූ අෂිකගා වරුන්ගේ පාලන සමයෙහි ඉතා තදින් පැතිර ගිය කොන්පියුසිස් දහම තොකුගාවා යුගයේ දී වඩාත් බැබලීමට පත් වූ අයුරු ඉතිහාසයෙන් පැහැදිලි වෙයි. වැඩවසම් පාලන ක‍්‍රමය සුරක්ෂිත කර ගැනීම සඳහා ඔවුහු කොන්පියුසිස් දහම උපයෝගී කර ගත්හ.
කොන්පියුසිස් අලුත් දහමක් දේශනා කරන ලද්දක් නොවේ. එහෙත් එය පැරණි විශ්වාස හා සංකල්ප නව මුහුණුවරකින් ඉදිරිපත් කිරීමක් වශයෙන්ද සැලකේ. ප‍්‍රධානීන්ට හා පාලකයන්ට අවනත විය යුතු ය යන ඉගැන්වීම කොන්පියුසිස් දහම මගින් ප‍්‍රකට නිසා වැඩවසම් සමයේ පාලකයන්ට එය රුකුලක් විය.මෙම දහම මගින් ප‍්‍රකට කළ ඉගැන්වීම් ජීවිතයේ සෑම අංශයක් කෙරෙහිම බලපෑම් කරන බව බොහෝ දෙනාගේ පිළිගැනීම වූ නිසා එය පොදු ජන ගෞරවාදරයට ද ලක් විය. කොනපියුසිස් ඉගැන්වීම මිනිසාගේ නිදහස් චින්තනයට මග පාදන්නක් නොවී ය.ඒ නිසා එය බොහෝ අවස්ථාවන්හි බුදු සමය හා සුහදව වැඩීගිය ආකාරයක් නොපෙනේ.
වැඩිහිටියන් පිළිබඳ කොන්පියුසිස් ආචාර ධර්ම පද්ධතියේ අවධාරණයෙන් සඳහන් වන බව පිළිගැනේ. වැඩිහිටියන් පිදීම මගින් පවුලේ සමගිය මෙන්ම මුළු මහත් මානව සමාජයේම සාමූහිකත්වය හා සහජීවනය ආරක්ෂා වන බව ඔහු පෙන්වා දී ඇත.මෙය උසස් රාජ්‍ය තන්ත‍්‍රයක නිරන්තරයෙන් දැකිය යුතු චර්යා ධර්මයක් වශයෙන් කොන් පියුසිස් හදුන්වා දී තිබේ.
පූජාවිධි හා උත්සව වැනි දේ ආචාරවත් ජීවිතයකට අත්‍යවශ්‍ය අංගයක් බව කොන්පියුසිස් ප‍්‍රකාශ කරයි. ආගමික ප‍්‍රකාශනවල දී නිහඩ වන ඔහු පුද පූජා පැවැත්වීම සඳහා මිනිසුන්ට උපදෙස් දෙයි.ඔහුගේ සංකල්පයනට මූල බීජය වී ඇත්තේ ආචාර විද්‍යාව වේ. කොන්පියුසිස්ගේ දේශපාලන දර්ශනය දාරක පේ‍්‍රමය වැනි සංලක්ප මත රඳා පවතින බව පිළිගැනේ. ස්වකීය පවුලේ සාමාජිකයන් හා අසල් වැසියන් කෙරෙහි පවත්නා හැගීම් බදු පැවැත්මක් පාලකයා තුළ ප‍්‍රජාව කෙරෙහි පැවතිය යුතු බව ඔහු සඳහන් කර ඇත.
කොන්පියුසිස්ගේ ඉගැන්වීම් අනූව මහජනතාව අතර පවතින සම්බන්ධය පස්වැදෑරුම් ය. ඒවා නම්,
- දෙමාපියන් හා දරුවන් අතර සම්බන්ධතාවය
- වැඩිහිටියන් හා බාල දරුවන් අතර සම්බන්ධතාවය
- ස්වාමිපුරුෂයා හා බිරිඳ අතර සම්බන්ධතාවය
- මිත‍්‍රයන් අතර පවත්නා සම්බන්ධතාවය
- රාජ්‍ය පාලකයා හා පුරවැසියා අතර පවත්නා සම්බන්ධතාවය
කොන්පියුසිස් ගෙනහැර දැක් වූ මෙම සමාජ ධර්මතා සාමාන්‍ය පොදු මිනිස් වර්ගයා තුළම සහජීවනය වඩවාලයි. දෙමාපියන් හා දරුවන් අතර සම්බන්ධතාවය එහි මූලික පදනම වේ. යහපත් පුරවැසියන් තැනීමේ මූලික වගකීම දෙමාපියන් වෙත පැවරේ. ඔවුනගේ උසස් ආදර්ශය දරුවන් යහමගට යොමු කරවයි. මිනිස් ගුණදම් අගයන ආදර්ශමත් සමාජයක් ගොඩනගා ගැනීම සඳහා දෙමාපියන් දරුවන් අතර සම්බන්ධයත්, වැඩිහිටියන් හා බාල දරුවන් අතර සම්බන්ධයත් බෙහෙවින් බලපාන බව කොන්පියුසිස් සඳහන් කර ඇත. එසේම පාලකයන්ට පහසුවෙන්ම තම රට වැසියන් අවනත කර ගැනීම සඳහා කොන්පියුසිස්ගේ ඉගැන්වීම් මහෝපකාරී වූවාට නිසැක ය.
- මුතූ ඩිලානි -
This comment has been removed by the author.
ReplyDeleteGood idea
ReplyDeleteනියමායි
ReplyDeletewell done dr..
ReplyDeletea Intersting topic
ReplyDeleteනියමයි මුතු
ReplyDeletewatina thorathuru tikak...great
ReplyDeleteniyamai
ReplyDeletekeep it up
ReplyDelete