බලශක්ති අර්බුධය හා අනාගතය
සමස්ත ලෝක ප්‍රජාවම ඉන්ධන හා බලශක්ති අර්බුධයට මුහුණ දී සිටින බව රහසක් නොවේ. වර්තමාන ලෝකය කාර්මීකරණය ඔස්සේ උපරිම තලයකට පැමිණ ඇති නිසා ම පාරිභෝගික අවශ්‍යතා ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. මෙවැනි පරිසරයක් තුළ බලශක්ති අර්බුධය අනාගතයේ දී විශ්වය පුරාම පැතිරිය හැකි අර්බුධයකි. එනම් වර්තමානය වන විට මුළු ලෝකයම බලශක්ති අර්බුධයක එළිපත්තේ සිටින බවට
සැකයක් නොමැත.
සැකයක් නොමැත.
එහිදී බලශක්ති අර්බුධයට විසදුම් වශයෙන් එක් එක් රටවල් එකිනෙකට වෙනස් වූ පියවර ගෙන ඇත.තාක්ෂණික වශයෙන් දියුණු සංවර්ධිත රටවල් බලශක්ති අර්බුධයේ දී ඒ සඳහා ප්‍රධාන විකල්පය වශයෙන් භාවිතයට ගෙන ඇත්තේ පරමානු බලයයි.නමුත් තුන්වන ලෝකයේ රටවල් ජල විදුලි බලය ගැන විශ්වාසයෙන් කටයුතු කරන ආකාරයක් දැකිය හැකි ය.ඒ නිසාම තුන්වන ලෝකයේ රටවල් අද වන විට බලශක්ති අර්බුධය හමුවේ ඉතාමත් අසරණ තත්ත්වයකට පත්ව ඇත. ශී‍්‍ර ලංකාව ඇතුළු අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් තුළ ජල විදුලි උත්පාදනය කෙරුණත් එය බලශක්ති අර්බුධයට සාර්ථකව මුහුණ දීමට තරම් ප්‍රමාණවත් තරමක නොමැති වීම අභාග්‍යයකි.
කැලෑ විනාශ කිරීම, දර භාවිතය ආදිය හේතුවෙන් ජල උල්පත් සිඳී යාම නිසා ඒ ගැටලුව ජල විදුලි බලය උත්පාදනය කිරීමේ කර්තව්‍යයට බාධාවක්ව පවතී. මේ නිසා අද වන විට ලොක්ය විශේෂයෙන්ම ඔස්ටේරලියාව වැනි රටවල් අසම්මත මං කිහිපයක් ම මෙම අර්බුධය විසඳීමේ මාර්ග වශයෙන් භාවිතයට ගෙන තිබේ. එහිදී ප්රමුඛ ස්ථානයක් ගන්නේ සුළ‘ ශක්තිය හා සූර්ය ශක්තියයි. තවත් අසම්මත උත්පාදන මාර්ගයක් වශයෙන් ජීව වායුව නිපද විම ද ගත හැකි ය. ගංගා, ඇළ-දොළ මතුපිට වැවෙන සැල්වීනියා, ජපන් ජබර මාර්ගයෙන් සාර්ථකව ජීව වායුව නිෂ්පාදනය කළ හැකි බවට මෑතක දී ශී‍්‍ර ලාංකික විද්‍යාඥයෙක් අදහසක් ද පළ කර ඇත.
මේ ආකාරයට කෘතිමව හෝ ස්වභාවිකව හෝ එසේත් නොමැති නම් කුමන මාර්ගයකින් හෝ උත්පාදිත බල ශක්තිය සම්පූර්ණයෙන් ම ක්ෂය වුවහොත් එය මිනිසාගේ ජීවන ක්‍රමයට ප්‍රබල තර්ජනයක් විය හැකි ය.එහෙයින් මේ සඳහා ගත යුතු හොඳම ක්‍රියාමාර්ගය තිබෙන බල ශක්තිය අරපරිස්සමෙන් ප්‍රයෝජනයට ගැනීම මිස වෙනත් විකල්පයක් නොමැති තරම් ය. එසේ නොවුණහොත් අම්ලකර පවා මිල දී ගැනීමේ පටන් මිනිස් ජීවිතයේ අවශ්‍යතාවන් සපුරා ගැනීමේ කප්රුකක් බදු බලශක්තිය දක්වා දිවෙන මිනිසාගේ ජීවන ක්‍රමය කැඩී බිඳී විසිරී යන අභාග්‍යසම්පන්න යුගය වෙත කිට්ටු වන්නේ ය.
- මුතූ ඩිලානි -
kaalochithawa wadagath lipiyak. godak minissu hithan nathi ekanr prashne
ReplyDeletegodk wadgth..montrm diyunu unat maren ek nawttann ba..
ReplyDelete